යහපාලන ගැත්තෝ බල පෙරේතයෙන් පෙලේ!

0

දින 100 වැඩපිළිවෙල පසෙක තබා මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂයට බල පෙරේතකමක් ඇතිවී ඇති බව වාර්තා වේ.ඒ සදහා මෛත්‍රිපාල සිරිසේන නැවත වරක් බිල්ලට ලබා ගැනීමට ඒ අය කටයුතු කරමින් සිටී.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙවුණු කාලය පුරාවටම එජාප මැති ඇමතිවරුන් සමග සුහදව කාලය ගත කිරීමත් එජාපය තමාට කිසිදා අමතක කල නොහැකි බවට ප්‍රකාශ ලබාදීමත් සමගින් එජාපය එයින් උපරිම ප්‍රයෝජන ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද මේ මොහොතේ මෛත්‍රිපාලගේ අවශ්‍යතාවය දැඩි ලෙස උවමනා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කර ශ්‍රිලනිප ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහායි.නමුත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන නම් දෙක උලුප්පා දක්වමින් ශ්‍රිලනිප දෙකඩ කිරීමට පිරිසක් කටයුතු කරන්නේ අලියා දිනවීම සදහා පාර කැපීමටයි.

ඒ හරහා එජාප නායකයින් දේශපාලන උප්පරවැට්ටි යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ගන්නා බවයි වාර්තා වන්නේ.දින 100ක් වැඩ කෝටියක් යනුවෙන් සදහන් කරමින් වත්මන් රජය කටයුතු කලද තවමත් දින 100 දේශපාලණික පොරොන්දු එහෙන් පිටින්ම ඉතිරීව ඇත .ඒවා එසේ තබා බල පෙරේතකම ඇතිකර ගැනීම සදහා එජාප පාක්ෂිකයන් කටයුතු කරන බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් ආණ්ඩුව නිර්මාණය කිරීම සදහා කටයුතු කල සෝභිත හිමි ,රතන හිමිලාට ඉතිරි වන්නේ හුළං බව සදහන් කල යුතුයි.