දින 100ක් යන්න බෑ

0

දින 100 වැඩපිළිවෙලෙ 100% සාර්ථක ලෙස ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑම පමණක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වූ විගස පාර්ලිමේන්තුවේ බහුතරය ලැබේවි යැයි විශ්වාස කලද අද එය ලැබෙන්නේ නැති තැනට පත්ව ඇති බවද අමාත්‍යරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ,කොමිෂන් සභා ස්ථාපිත කිරීම ,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දින 100 වැඩපිළිවෙලේ ප්‍රධාන පොරොන්දු වුවත් දැන් ඒ දේවල් සිදු කිරීමට කාල වේලා නොමැති බවත් මැතිවරණයකට යනවා හැරෙන්න වෙන කිසිදු විකල්පයක් නොමැති බවද අමාත්‍යරයා අවධාරණය කලා.

මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති ධූරයෙන් පරාජයවූ පසු පාර්ලිමේන්තුව කල් ඉකුත්වූ භාණ්ඩයක් බවට පත්ව ඇති බවත් දැන් මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් නව පාර්ලිමේන්තුවක් සකස් කල යුතු බවත් සෝභිත හිමි ,රතන හිමි ඒ බව තේරුම් ගත යුතු බවද අමාත්‍යරයා පැවසුවා.