ජනපතිගේ තටු කැපේ!

0

විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම කප්පාදුව සම්බන්ධයෙන් තිරණය කර තිබේ.

ඒ අනුව

ජනාධිපතිවරයාට

වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි බවත්

දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද නොහැකි බවත්

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට කටයුතු කිරිම

පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කිරිමට සුදානමක් පවතින බවද වාර්තා වේ.

අදාළ ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිත බවද වාර්තා වේ.