UNPය මහින්දට ගල් ගහලා

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ සන්ධාන අපේක්ෂකයා විය යුතු බවට අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වැඩසටහන අද (15) හැටන් බස් නැවතුම්පලේ පැවති අවස්ථාවේ එයට ගල් ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හෙළප‍්‍රියනන්ද රාජ විසින් සංවිධානය කර තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අත්සන් ලබා ගැනීමේ දෙවන අධියර අද (15) උදෑසන 10 ටආරම්භ වුණා.මෙහිදී අත්සන් ලබා ගනිමින් සිටින අවස්ථාවේ තමන් සිටි ස්ථානයට ගල් ප‍්‍රහාරයක් එල්ලවූ බවයි හෙළප‍්‍රියනන්දරාජ පවසන්නේ.ගල් ප‍්‍රහාරයක් එල්ල වීමත් සමගම එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

හෙළප‍්‍රියනන්දරාජ චෝදනා කරන්නේ මෙම ගල් ප‍්‍රහාරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් විසින් සිදුකල බවයි. අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වන අතරතුර එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බදවා ගැනීමේ වැඩසටහනක්ද ඒ අසලින් ක‍්‍රියාත්මකවූ බව හෙළප‍්‍රියනන්දරාජ චෝදනා කරනවා.

(රංජිත් රාජපක්ෂ )

DSC08673 DSC08686 DSC07524 DSC07526 DSC07530