යහපාලකයන්ගේ පුත්තුද මේ?(Video)

0

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා අසරණ දැරියකගේ ජිවීතයක් බිල්ලට ගෙන තිබේ.අවුරුදු 16ක් වයසැති දිනිති ආලෝකා දියණිය රාජිත සේනාරත්නගේ පුතු විසින් පැහැර ගෙන ගියේ පසුගිය වසරේ පෙබරවාරි 24 වන දිනයි.

පැහැර ගැනීමට ලක්වූ බාල වයස්කාර දැරියගේ මව සහ පියා අද (15) කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හැඩූ කදුලින් කියා සිටියේ තමන්ගේ රෙදී ගැලවී මරු තුරුලට යෑමට සිදුවුවත් තම දියණිය වෙනුවෙන් සටන් කරන බවයි.මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කලත් රාජිත සේනාරත්නගේ බලපෑම් හමුවේ ඒ සියල්ලක්ම යටපත්වූ බවද එම දෙමාපියන් මාධ්‍යට කියා සිටියා.

රාජිත සේනාරත්න සහ ඔහුගේ බිරිද තමන්ගේ දියණිය ඔවුන්ගේ නිල නිවස තුළ තමාගේ පුතණුවන්ගේ බිරිද වශයෙන් තබා ගැනීමට ඉඩ ලබා දීම නීතී විරෝධි බවද ඔවුන් පෙන්වා දුන්නා.රාජිත සේනාරත්න අමාත්‍යරයා තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වා මෙම සිද්ධිය යට ගැසීමට කටයුතු කරන බවද දැරියගේ දෙමාපියන් මාධ්‍යට සදහන් කලා.

තම දැරිය ජීවතුන් අතර සිටිනවා දැයි සැක පහල වන බවත් රාජිත සේනාරත්නට මේ පිළිබදව දැනුම් දුන්නත් ඔහු ඒ සියල්ල කණකට නොගත් බවද දැරියගේ මාපියන් වැඩිදුරටත් ප්‍රකාශ කලා.