රනිල් TNA කඩන්න හදනවා

0

උතුරු පළාතෙන් හමුදා කඳවුරු කිසිවක් ඉවත් නොකරන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මට පැවසීම සියයට සියයක්ම ඇත්තයි. නමුත් ඔහු එසේ කිවුවේ නැති බව දැන් කියනවානම් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන ඔහුගේ වත්මන් ස්ථාවරය කුමක්දැයි පැහැදිලි කල යුතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන් පවසනවා.

ඊයේ (17) පැවති උතුරු පළාත් සභා සැසියේදී විග්නේස්වරන් චොදනාකර සිටියේ ද්‍රවිධ ජාතික සන්ධානය දෙකඩ කරවීමට රනිල් උත්සාහ කරමින් සිටින බවයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළුවී මසුන් මැරීමේ කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීමට අයිතියක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ කර ඇති ප‍්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බවත් ඉන්දීය ධීවරයින්ගේ ඇතුළුවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරේ ධීවරයින්ගේ සහය ලබාගැනීමේ අරමුණින් රනිල් වික‍්‍රමසිංහ මෙවැනි ප‍්‍රකාශයක් කරන්නට ඇති බව හිටපු ධිවර අමාත්‍ය වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න පැවසු බව Tamilwin වෙබ් අඩවිය සදහන් කරයි.