මේ යන්නේ මෛත්‍රි යුගයකටද?

0

යහපාලනය ආරම්භවී දින ගණනාවක් යත්ම රටේ අපරාධ බහුල වීමක් වර්ධනය වෙමින් පවතී.යහපාලකයෝ නම් ගත් කටටම කියන්නේ රට තුළ ධාර්මික පාලනයක් ඇති කිරීම සදහා කටයුතු කරන බවයි.

පසුගිය දිනවලදී අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අතර එහිදි ඔහු කියා සිටියේ මෙරට පාර්ලිමේන්තු සභාවම ලිච්ඡවී සභාවක් බවයි.එසේම රටේ නිතීය අකුරටම ඉටු වන බවටද ඔහු බේගල් ඇදබාමින් පවතී.

නමුත් පවතින මෛත්‍රි පාලනය හරහා ලිච්ඡවී පාලනයක් කෙසේ වෙතත් ත්‍රස්තවාදි පාලනයක් ඉදිරියට යන බව සදහන් කල යුතුයි.

පසුගිය දින ගණනාවම පූරාවටම මනුෂ්‍ය ඝාතන ,බැංකු මංකොල්ලකෑම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අපට දකින්නට අසන්නට ලැබුණි.අත් පා කපා දමා තැනින් තැන මිනිසුන් ඝාතනය කර දැමීම දැන් සමාජය තුළ වර්ධනය වෙමින් පවතී.

ඊයේ (17) රාත්‍රියේදීද පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඕය තුළදී වම් අත නොමැති මිනිස් මළ සිරුරක් සොයා ගැණුනා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය අප කල විමසීමකදී කියා සිටියේ තවමත් මේ මළ සිරුර කාගේ දැයි සොයා ගෙන නොමැති බවයි.

රටක් පාලනය කරන රාජ්‍ය නායකයෙකු ධර්මානූකූල වුවහොත් එම රටේ වැසියන්ද ධර්මානූකූල වන බවට “රාජා භවතු ධම්මිකෝ ” යනුවෙන්ද ධර්මය තුළ සදහන්වේ.නමුත් අද මෛත්‍රි ,මෛත්‍රි යන වචනය උළුප්පමින් යහපාලනය සිදු කරන්නේ කුමක්දැයි අපට ගැටළු සහගතයි.