මෛත්‍රි ඇග බේරා ගනී!

0

තමා ඉදිරි මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් වැඩ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ඔහු කියා සිටියේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂයට අකෘතඥ නොවන බවයි.

අද (18) මෛත්‍රිපාල සිරිසේන සහ මාධ්‍ය ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ විධායක බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

ඉදිරි මහ මැතිවරණය තුළදී මෛත්‍රිපාල සිරිසේන බෙදා ගැනීම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම මෙහෙයුම් ආරම්භ කල බව අප අමුතුවෙන් සදහන් කල යුතු නැත.මේ හේතුව නිසාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් ගිරයට හසුවූ පුවක් ගෙඩියක් මෙන් කටයුතු කරන්නට විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රිපාලට අමතක කිරීමට හැකියාවක් නොමැත.මෛත්‍රිපාල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හදවතින්ම ආදරය කරන්නේ ඔහුගේ දේශපාලන ගමන් මගේ තිඹිරි ගෙය ශ්‍රිලනිප වන නිසායි.එසේම මෛත්‍රිපාලට ජනාධිපති වීම සදහා උපරිමයෙන් කටයුතු කල එජාපය අත් හැර දැමීමටද මෛත්‍රිපාල සිරිසේනට හැකියාවක් නොමැත.

පක්ෂ අතර පැවති මේ තත්වය නිසා සන්ධාන ,එජාප මන්ත්‍රිවරුන් අතර ගැටුම් හටගත් අවස්ථාද අනන්තයි ,අප්‍රමාණයි.නමුත් පක්ෂ දෙකටම අවශ්‍ය වූයේ ඉදිරි මහ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනගේ සහයෝගය තම පක්ෂ වලට ලබා ගැනීමයි.නමුත් මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂ දෙකටම පිළිතුරු ලබාදී ඇග බේරා ගෙන තිබේ.