යහපාලන ආශ්චර්ය

0

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපති බවට පත්වූයේ බටහිර බලවතුන්ගේ සහ දෙමළ ජාතික සන්ධානනයේ දොළදුක සංසිදුවීම සදහා බව දේශපාලන විචාරකයන්ගේ අදහසවී තිබේ.විශේෂයෙන්ම මෛත්‍රිපාලගේ ජය රටේ අනතුරට වළ කැපීමක් බව ඒ අය විසින් හුවා දක්වන්නට විය.

උතුරු ,නැගෙනහිර පළාත් තුළ ජනතාවගේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෙරට ජනාධිපති බවට පත්වූ මෛත්‍රිපාල සිරිසේන දැන් දැන් ඒ අයගේ ආශාවන් සංසිදුවමින් පවතී.අය වැය සහන වල පටන් ඉන්දියාවට ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කල වත්මන් රජය දැන් දැන් රටේ ජාතික ගීයත් ඒ අයගේ අවශ්‍ය තාවයන් වෙනුවෙන් කැප කරමින් සිටී.

ඒ අනුව ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ජනාධිපතිවරයා විධායක සභාවේදී මේ බව ප්‍රකාශ කල බව New Indian Express පුවත්පත අනාවරණය කරනවා.

ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සදහා යෝජනාවක් ඉදිරිපත් වූයේ යහපාලනය යටතේ නොව.2010 වර්ෂයේදී පවා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වුවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණේ නෑ.