ආණ්ඩුවේ පල්ලම් බැහීම!

0

ආණ්ඩුවේ පල්ලම් බැහීම අමාත්‍යරුන් හරහාම සිදුව පවතිනවා දැයි අපට දැන් දැන් හැගේ.එයට හොදම ආරම්භය පසුගිය දිනවලදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ලබා දුන්නා.පසුව පසුව ඇතැම් පිරිස් ආණ්ඩුව තුළ සිටිම පුපුරන්නට විය.

පාඨලි චම්පික ,සරත් ෆොන්සේකා ,හරීන් ප්‍රනාන්දු ඉන් කිහිප දෙනෙකු පමණි.එළියෙන් සිට සෝභිත හිමි ,රතන හිමි මෙන්ම ,නිශාන්ත ශ්‍රි වර්ණසිංහත් පුපුරන්නට විය.ඒ පිපිරීම් අතරතුර ඇතැම් අය ආණ්ඩුව හැරදා යෑමටද කටයුතු කරයි.මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් ආණ්ඩුව දින 100කින් පසු ගෙදර යෑම කිසිවෙකුටත් වැළැක්වීමට හැකියාවක් නොමැත.

මේ අතර වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන් රණතුංග අද (18) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රීලනිපයෙන් තරග වදිනු ඇති.