අපි දැන් සම්පූර්ණයි!

0

දින 100 වැඩසටහනේ මූලික පොරොන්දු මේ වන විට ඉටුකොට අවසන් බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ජී.එම්. හර්ෂ ද සිල්වා පවසයි.අද (18) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ වන විට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය වෙනුවෙන් ගැසට් පත්‍රය නිකුත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවට අඳහස් දැක්වීමේ අවස්ථාව හිමි වී ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු කිරීමට නියමිත වූ පොරොන්දු සියල්ල ඉටු කොට තිබෙන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මේ සංශෝධනයන් හරහා රටේ සිදුවන දූෂණ වැළැක්විය හැකි බව පැවසු අමාත්‍යරයා වැඩිදුරටත් කියා සිටියේ,ආණ්ඩුවේ ඇතැම් හොද වැඩ සදහා මාධ්‍ය ප්‍රතිචාර අඩු බවයි.