නමෝ නමෝ මාතා ,මංගච්ඡන මාතා වෙන හැඩ ?

0

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තමන් කිසිවිටෙකත් අනුමත නොකරන බව හිටපු අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.ඔහු මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලිය ඔස්සේ විකාශයවූ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ වත්මන් පාලනය ඉදිරියේදී වැදි භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කිරීම සදහා ඉඩ කඩ ලබා දෙවිදැයි ගැටළුවක් පවතින බවයි.

එසේ වුවහොත් නමෝ නමෝ මාතා මංගච්ඡන මාතා වන බවත් ආණ්ඩුවේ මේ තීරණය බෙදුම්වාදින්ගේ මනස තවත් පෝෂිත කරන්නක් බවද මන්ත්‍රිවරයා සදහන් කලා.

Play Music – Embed Audio Files – jathika geeya. vimal