LOVE මළඉලව් කරන්න මට ඕනේ නෑ

0

රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න පැහැර ගත් බව කියන දැරිය තමන්ගේ පුතුට ආදරය කරනවා නම් එය කඩාකප්පල් කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යරයා සදහන් කලේ තමන්ද ඒ කාලයේ හොද ප්‍රේමවන්තයෙකු බවත් තම පුතුට සිටින්නේත් එක් ප්‍රේමවන්තියක් පමණක් බවයි .

වයස අවුරුදු 16ක් සම්පූර්ණවූ තරුණියකට තම ජිවීතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අයිතිය පවතින අතරම මෙම කටයුත්තේදී කිසිදු නිතී විරෝධි බවක් සිදුවී නොමැති බවද අමාත්‍යරයා කියා සිටියා.ආදරය කරන දෙදෙනෙකුට බාධා කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නොමැති බවද අමාත්‍යරයා පැවසුවා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජිත සේනාරත්න ,

“මගේ දරුවට ඕන තරම් අය එක්ක යන්න පුළුවන්.ඒත් එයා කැමති එක්කෙනෙකුට විතරයි.මේ ක්‍රියාත්මක වෙන්නේ තනිකරම මඩ ව්‍යාපාරයක්.දුටුගැමුණු රජතුමාගේ පුතා ආදරය කලේ රොඩි කෙල්ලෙකුට. අසෝක මාලා කියන රොඩි කෙල්ලෙකුට තමා දුටුගැමුණු රජතුමාගේ පුතා ආදරය කලේ.රජතුමා ගියා මේ මොකක්ද කියලා හොයලා බලන්නත්. ඊට පස්සේ රජතුමා ගියා මේ රොඩි කෙල්ලගේ කටු මැටි ගෙදරට.ගිහින් මොකක්ද කිව්වේ මම කලින් දැක්කා නම් මම ගන්නවා කියලා දුටුගැමුණු රජතුමා කිව්වා.”