ඇරලා ගිහින් රෝහලේ නතර වෙලා

0

හැටන් කොටගල පතන ප‍්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනයවූ ත‍්‍රීරෝද රථයක් සහ හැටන් සිට කුඩාගම දක්වා ධාවනයවූ වෑන් රථයක් ගැටීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා කොටගල රෝහලට ඇතුලත්කර තිබෙනවා.අද (20) පස්වරු 3.15 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම ප‍්‍රදේශයේදීය.

හැටන් සිට ධාවනයවූ වෑන් රථය කුඩාගම ප‍්‍රදේයේදී අතුරු මාර්ගයකට ධාවනය කිරීමේදී ප‍්‍රධාන මාර්ගයේ වේගයෙන් ධාවනයවූ ත‍්‍රීරෝද රථයක් වෑන් රථයේ බඳ කොටසේ වැදී මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසන්නේ.ත‍්‍රීරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ මෙම අනතුර පිළිබඳව හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ කුඩා ළමුන් දෙදෙනෙකු, කාන්තාවක් සහ පිරිමි අයෙක් ඇතුලු පස්දෙනෙකු ත‍්‍රීරෝද රථයේ ගමන්කර තිබෙනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC09108 DSC09109