රාජිත ඇතුලු 14කට නොතීසි

0

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට ලබන මස 2 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (20) නොතීසි නිකුත් කෙරුණා.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ බාලපුත් එක්සත් සේනාරත්න පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දැරියක පැහැර ගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට දිනිති ආලෝකා දැරියගේ දෙමාපියන් අද කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.

ඇමති රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කර තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා අසරණ දැරියකගේ ජිවීතයක් බිල්ලට ගෙන ඇති බවට අදාළ දැරියගේ දෙමාපියන් පසුගිය දිනවලදී මාධ්‍යට කරුණු සදහන් කලා.එම දෙමාපියන් මාධ්‍ය වෙත හැඩු කදුලින් කියා සිටියේ බාල වයස්කාර දැරියක් වන දිනිති ආලෝකා දැරිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රාජිත සේනාරත්න අමාත්‍යරයාගේ පුත් එක්සත් සේනාරත්න විසින් ඇය බිරිද වශයෙන් රදවා තබා ගෙන ඇති බවයි.