ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට විතරක් බෑ

0

ෆීල්ඩ් මාෂල් ධුරය හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට පමණක් ලබාදිම ගැන තමන් නොසතුට පලකරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි පවසයි.අද පැවති මාධ්‍ය හමුවකදි ඥනසාර හිමි සදහන් කළේ යුද්ධය අවසන් කළේ ෆොන්සේකා පමණක් නොවන බවත් නාවික හමුදාපතිට,ගුවන් හමුදාපතිටද එපමණක් නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද අදාල උසස්වීම් ලබාදිය යුතු බවයි.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය ලබන ඉරිදා (22) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. ජෙනරාල් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කරන ශී‍්‍ර ලංකාවේ පළමු හමුදා නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වෙන අතර ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.