යුද අපරාධකරුවන් ඉල්ලා අත්සන් තබයි

0

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව ජාති ඝාතනය, මානුෂත්වයට එරෙහි වරදවල් සහ යුද අපරාධ යනාදිය සිදුකළ පුද්ගලයින්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කලයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවධාරණය කරමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව ටැමිල් 24 වෙබ් අඩවිය වාර්තා කරයි.

දස ලක්‍ෂයක අත්සන් ලබාගැනීමේ අරමුණින් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටත්, ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරිශ්‍රයේදිත් ආරම්භ කර ඇත.

නිව්යෝර්ක්හිදී, ඇමරිකාවේ හිටපු රජයේ නිතීඥ Ramsey Clark මහතා විසින් ප්‍රථම අත්සන සටහන් කර, මෙම වැඩසටහන ආරම්භ කර තබා ඇත. නිවේද ජෙයකුමාර් සහ සුමියා කරුණාගරන් යන දෙදෙනා විසින් අත්සන් ලබාගැනීමේ සංදේශය කියවන ලදි.

යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය යනාදිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගවීම භාරනොගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රයේ 07 වැනි ඡේදයේ 39 වැනි වගන්තිය යටතේ ‘සාමයට තර්ජනය එල්ල කිරීම’ අඛණ්ඩව සිදුවෙමින් තිබෙන තත්වය ඇතුලත් කර ඇත” යනුවෙන් මෙම අත්සන් ලබාගැනීමේ සංදේශය සදහන් කර ඇත. මෙම සංදේශය දෙමළ, සිංහල, ඉංග්‍රීසි, හින්දි, ප්‍රංශ ඇතුළු භාෂා 15කට පරිවර්තනය කර ඇති අතර, මෙම ස්දේශයට අත්සන් ලබාගැනීමේ වැඩසටහනට www.tgte-icc.org යන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී ඔබ සියළුදෙනාට අත්සන් තැබීමට හැකිය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුකල අසාධාරකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙත්, ජාත්‍යන්තර වේදිකා වලත්, අසල්වැසි රටවල ඇති අභ්‍යන්තර අධිකරණ වෙත වරදකරුවන් ගෙන ගොස් නඩු පැවරීමේ කටයුතු වලට අරමුදල් රැස්කරන මෙන් ඉල්ලීමත් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන්නෙමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් කමිටු වාර්තාව සදහන් කරන මෙන් දෙමළ ජනතාව සදහා වන යුක්තිය ඉටුකර ගැනීමට හැකි දේශපාලන වාතාවරණයක් නොමැති බව මෙම සංදේශය මගින් පෙන්වාදී ඇත. සිංහල ආධිපත්‍යයක් ඇති නීති අංශයක් මගින් සිංහල හමුදා නිලධාරින් පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමට උත්සාහ කිරීම සාධාරණයක් ඉටුනොවන බවත්, එය පසුගිය කාලයේ පත්කල කොමිසම් සභා වල කටයතු සාක්ෂි සහිතව අනාවරණය කර ඇති බව මෙම සංදේශය පෙන්වාදී ඇත.

1983 වර්ෂයේ සිදුවූ ජාති කෝලාහලය පිළිබදව තමන් පරීක්‍ෂණ පවත්වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ නියෝජිතයින් ලබාදුන් පොරොන්දු මේ දක්වා ඉටුකර නොමැති බව එම සංදේශයේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ හිටපු හමුදාපතිවරයා මේ වනවිට නව රජයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවත්, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අභ්‍යන්තර පරීක‍්‍ෂණය මගින් යුක්තියක් ඉටුවනු ඇතැයි විශ්වාස කල නොහැකිය. එබැවින්, වරදකරුවන්ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයනවා මිසෙක, වෙනත් විකල්පයක් නොමැති බවත් එම සංදේශයේ සදහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන කඩිනම් ඉල්ලීම :

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට එරෙහිව සිදුකල යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යා යුතුය. එසේ නොමැති නම්, විශ්වාසනීය ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන ක්‍රමවේදයක් සකස් කලයුතු බව අප අවධාරනය කරන්නෙමු.

ශ්‍රී ලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛණයට අනුව, 2009 වර්ෂයේ ප්‍රථම මාස 06ක කාලය තුලදී දෙමළ ජනතාව 70,000ක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බව සදහන් කර ඇත. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි හිල්ටන් පෙන්වාදුන්නා මෙන්, “ස්ත්‍රී දූෂණය යුද උපක්‍රමයක් ලෙස භාවිතා කර, බොස්නියාව, බර්මා, කොන්ගො ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සූඩානය සහ අනෙකුත් රටවල් අතරට” විශේෂ රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුලත් වී ඇත.

අභ්‍යන්තර සංවිධානයක් හෝ ජාත්‍යන්තර ප්‍රජාව හෝ ශ්‍රී ලංකාව තුල ඇති සංවිධානයක් හෝ දෙමළ ජනතාවට යුක්තිය රැගෙනදෙනු ඇතැයි අප ස්ථීරවම විශ්වාස නොකරන්නෙමු. ජාත්‍යන්තර නීති ක්‍රවේදයක් වෙනුවට ශ්‍රී ලංකාවේ නව රජය අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කරන ඉල්ලීම දුර්වල කිරීමට සහ වගවීමෙන් බැහැරවීමට ගන්නා උත්සාහයක් වේ. අභ්‍යන්තර පරීක්‍ෂණ කොමිසමක් පිහිටුවීමට උත්සාහ කිරීම, දෙමළ ජනතාවට එරෙහිව අපරාධ සිදුකල පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ උපක්‍රමයක් වේ.

යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය යනාදිය සම්බන්ධයෙන් වගවීමෙන් පූර්ණ ලෙස ඉවත්වීමට සිදුකරන කුමන්ත්‍රණයක් වේ. ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රයේ 07 වැනි ඡේදයේ 39 වැනි වගන්තිය යටතේ ‘සාමයට තර්ජන එල්ල කිරීම’ අඛණ්ඩව සිදුකර තත්වයක් ඇති බව එම සංදේශයට ඇතුලත් කර ඇත.

අපගේ ඉල්ලීමට සහයෝගය දක්වා පහත සදහන් වැඩසටහන් සහ කරුණු ඔබගේ අවධානයට ගෙන එන්නෙමු.

01. ශ්‍රී ලංකා රජය ජනවාර්ගික වශයෙන් මධ්‍යස්ථභාවයක් නොමැත :

ශ්‍රී ලංකා රජය, සිංහල බෞද්ධ මහජාතික ජනතාව යුද්ධය ප්‍රධාන සංස්කෘතියක් කරගෙන කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රජය මෙම කරුණේදී දෙමළ ජනතාවට එරෙහිව සිදුකල ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් චෝදනා ලබා ඇත. එපමණක් නොව, 1948 වර්ෂයේ ශ්‍රී ලංකාව නිදහස ලැබූදා සිට වසර 60ක කාලයක් දෙමළ ජනතාව ආරක්‍ෂා කිරීමට පැහැරහැර ඇත.

සත්‍යය වශයෙන්ම ගැටළුවට අදාල බරපතල වරදවල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින්ම සිදුකර ඇත. තම රටේ පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම, තම භූමිකාව සහ වගවීම පිළිබදව රජය නිල වශයෙන් වගවීමේ තත්වයක් ඇතිකිරීමට අවශ්‍යය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් කමිටුවේ 2011.03.31 වන දින නිකුත් කල වාර්තාව සදහන් කරයි.

02. ශ්‍රී ලංකාවේ නීති ක්‍ෂේත්‍රය ජනවාර්ගික වශයෙන් මධ්‍යස්ථභාවයක් නොමැත :

දෙමළ ජනතාවට එරෙහිව අසාධාරණකම් සිදුවන අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ නීති ක්‍ෂේත්‍රය නිරතුරුවම දේශපාලන නායකත්වයට යටපත්වී කටයුතු කර ඇත. එය පසුගිය කාලයේ පත්කල කොමිසම් සභා සියල්ල විසින් සිදුකල පරීක්‍ෂණ මගින් දැකගැනීමට තිබුණි. 1983 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන අගවිනිසුරුවරයා ලෙස දමිළයෙකු සිටි අවස්ථාවේදී පවා, 1983 වර්ෂයේ සිදුවූ ජාතිවාදී අරගලයේදී විශාල වශයෙන් දෙමළ ජනතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව නඩු විභාගයක් සිදුකර නොමැත.

නීති ක්‍ෂේත්‍රයේ පසුගිය කාලයේ කටයුතු, වත්මන් ව්‍යුහය තක්සේරු කිරීම මත පදනම් කරගෙන සහ වත්මන් දේශපාලන වාතාවරණය තුල යුක්තිය ලැබෙනු ඇතැයි පිළිබදව සුළු විශ්වාසයක්වත් කිසිදු කණ්ඩායමකට නොමැත” යනුවෙන් ශ්‍රී ලංකාව වගවීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් කමිටු වාර්තාවේ සදහන් කර ඇත.

1958 වර්ෂයේ සිට මේ දක්වා දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කර ඇත. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවී නොමැත. ශ්‍රී ලංකාවේ බලයට පැමිණි රජයන් ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන්, අභ්‍යන්තර පරීක්‍ෂණ කමිටු පත්කරන ලදි. ඒ තුලින් කිසිදු වරදකරුවෙකුට මේ දක්වා දඩුවම් ලබාදී නොමැත. (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, වසර 20ක කුහකත්වය, ශ්‍රී ලංකාවේ කොමිසන් සභාව 2009.06.11).

03. දෙමළ ජනතාව සදහා වන යුක්තිය ලබාදීමේ දේශපාලන ස්ථාවරභාවයක් ශ්‍රී ලංකාවේ නොමැත :

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ රැදී සිටින තුරු ආරක්‍ෂාකාරීව සිටියි. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධිකරණ අමාත්‍යවරයා.

04. ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම 2010 (එල්එල්ආර්සී) දෙමළ ජනතාවට යුක්තිය ඉටුකර නොමැත :

“එල්එල්ආර්සී වාර්තාවේ අඩුපාඩු විශාල වශයෙන් ඇත්නම්, එය ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ක්‍රියාවට නැවීමට නොහැකිය” යනුවෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් කමිටු වාර්තාව (2011.03.31).

මානුෂ්‍යවාදීව කටයුතු කල ජාත්‍යන්තර ස්වේච්චා සංවිධාන 2008 වර්ෂයේ මාර්තු මස ඉවත් කරගැනීම හේතුවෙන්, අභ්‍යන්තර පරීක්‍ෂණ කටයුතු නිරීක්‍ෂණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත් වී ඇත. මානව හිමිකම් නිරීක්‍ෂණ කේන්ද්‍රය, ශ්‍රී ලංකාවේ අපහාස කිරීම් පිළිබද අභ්‍යන්තර පරීක්‍ෂණය, ආවරණ කතාවකි, (2009.10.27).

ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්, සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් ආයතන වල දීර්ඝකාලීන කටයුතු සහ ඔවුන්ගේ අත්දැකීම් දෙස අවධානය යොමුකලහොත්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ වල නිලධාරීන් විසින් සිදුකල වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට ලක්කරනු ඇතැයි යන විශ්වාසය අපට නොමැත. අභ්‍යන්තර පරීක්‍ෂණය, ජාත්‍යන්තර පරීක්‍ෂණය දුර්වල කිරීමේ ක්‍රියාවක්ය. (යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමය විසින් 2015.02.24 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවන ලද ලිපිය).

05. ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරලිය, දඩුවම් ලබාදිමේ තත්වය වෙනසක් සිදුනොවනු ඇත :

ශ්‍රී ලංකාවේ ජනධිපතිවරයා වෙනස්වූවාට, දෙමළ ජනතාව පිළිබද දේශපාලන වතාවරණය වෙනස්වී නොමැත. යුද්ධය අවසන් වෙන තෙක් හමුදාපතිවරයා ලෙස සිටි සරත් ෆොන්සේකා ඇතුළු බොහෝ හිටපු හමුදා නිලධාරින් වතමන් රජයේ ප්‍රධාන තනරුවල සිටියි. හදිසි නීති රෙගුලාසිය, හමුදා බද්ධ කණ්ඩායම් භාවිතා කිරීම් හැර, අනෙකුත් සියළු කටයුතු වල විශේෂයෙන්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ආණ්ඩු පෙරලිය සිදුවූ පසුත්, තවමත් ක්‍රියාත්ම වෙමින් තිබේ.

හමුදා යාන්ත්‍රණය තවමත් ඒ ආකාරයෙන්ම ඇත. උතුරු නැගෙනහිර හමුදාකරණය කර, දෙමළ ජනතාවගේ බිය තවත් වැඩිකර, එම ප්‍රදේශයන්හි විශාල අර්බුධකාරී තත්වයක් ඇතිකරමින් සිටියි. එබැවින්, පීඩාවට පත් ජනතාවගේ සාක්ෂි අභ්‍යන්තරය තුල හෝ මිශ්‍ර විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ ලබාගැනීම සත්‍යය වශයෙන්ම ස්වාධීනව ලබාගැනීමට නොහැකිවනු ඇත.

06. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තරව හෝ මිශ්‍ර විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම සුදුසු නොවනු ඇත :

පැවැති සටනේ අවසන් දින කිහිපයේ දෙමළ ජනතාව විශාල වශයෙන් ඝාතනය කල අවස්ථාවේදී, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තාවකාලික නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. මෛත්‍රීපාල සිරිසේන දෙමළ ජනතාවට විශ්වාසනීය ආලෝකයක් විය නොහැකිය. යුද්ධයේ උච්චතම දින කිහිපයේ ඔහු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. (ඒගනාමිෂ්ට්, 2015.01.03).

07. යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය පිළිබදව දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැත :

මානුෂත්වයට එරෙහි ඇතැම් වරදවල් සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් නෝර්වේ සතුව නොමැතිවීම හේතුවෙන්, රුවැන්ඩාව සදහා වන ජාත්‍යන්තර මහජන විනිශ්චය මණ්ඩලය, ‘බහරසගා’ යන පුද්ගලයාව නෝර්වේට යවා නොමැත. එයට හේතුව, විත්තිකරුවෙකු සාධාරණ වරදකරුවෙකු ලෙස නඩු විභාගයට භාජනය කිරීමෙන් ඔහුගේ වැරදි ඔප්පු කිරීමට නොහැකිවනු ඇත.

08. නීතිය සාමයට එරෙහිව යොදාගැනීම වැරදි ක්‍රියාවක් වේ :

දෙවන ලෝක යුද්ධයේදී, ජාති ඝාතනයන් සිදුකල පුද්ගලයින් පවා අත් අඩංගුවට ගෙන, නඩු විභාග වලට ඉදිරිපත් කරමින් සිටියි. කිසිදු හේතුවක් මත නීතිය ප්‍රතික්ෂේප නොවිය යුතු බවයි ලොවපුරා සිටින ජනතාවගේ බලාපොරොත්තුව සහ මතය බව එය පෙන්නුම් කර ඇත. (උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්).

සමස්ථය, ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට එරෙහිව සිදුකල යුද අපරාධ, මානුෂත්වයට එරෙහි වරදවල් සහ ජාති ඝාතනය යනාදිය පිළිබදව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ එවැනි විශ්වාසනීය ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන ක්‍රමවේදයක් පත්කල යුතු බව අප අවධාරණය කරන්නෙමු.