අපිනම් බය නෑ

0

ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී, නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදන හරහා අවධාරණය කර සිටින්නේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම යනු කිසිසේත්ම නිල ගායනාවක් ලෙස පිළිගන්නා කාරණයක් නොවන බවත් දෙමළ ජනයාගේ උත්සවවලදී හෝ ප‍්‍රාදේශීය උත්සවවලදී පමණක් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයනා කිරීමේ අවස්ථාව ලබාදීම කිසිසේත්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිල ජාතික ගීය ගායනා කිරීමක් ලෙස පිළිනොගන්නා බවයි.

කෙසේ වෙතත් දෙමළ ජනතාව, දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්නේ නම් ඒ පිළිබඳ සතුටු වන බවද, ජාතික හෙළ උරුමයේ අදහස බවත් එසේ වුවද නිල වශයෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව තම ස්ථාවරයැයිද ජාතික හෙළ උරුමයේ, ජාතික සංවිධානයක, නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ සදහන් කර තිබේ.