පෝෂණ මල්ලට ගුල්ලෝ ගහලා

0

ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අද (21) දින ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල බැගින් ලබාදීමේ වැඩසටහනක් දියත්කලා.නෝර්වුඞ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ ගැබිණි මව්වරුන් එකසිය පනස්දෙනෙකුට (150) ලබාදුන් පෝෂණ මල්ලේ තිබූ හාල්මැස්සන්, කඩල සහ කව්පී ගුල්ලන් සහිතව පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ භාණ්ඩ ඉවත් කිරීමට බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීඏක පී.කේ.එල්.වසන්ත  විසින් කටයුතු කරනු ලැබුවා.

ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇණවුමක් පරිදි ගිනිගත්හේන විවිධ සේවා සමූපකාර සමිතිය මගින් රු. දෙදහසක (2000) වටිනාකමින් යුත් මෙම පෝෂණ මල්ලට රතු සහල් කිලෝ තුනක් (3), ටින්මාලු ටින් දෙකක් (2), හාල්මැස්සෝ ග‍්‍රෑම් පන්සියයක් (500), කඩල කිලෝ එකක්(1), මුංඇට කිලෝ එකක් (1), කව්පි කිලෝ එකක් (1) සහ පරිප්පු ග‍්‍රෑම්පන්සියයක් (500) මෙම භාණ්ඩ ලබාගත් ගැබිණි මව්වරුන් මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීඏකවරයාට කරන ලද පැමිණිල්ලක් මතයි මෙම වැටලීම සිදුකරනු ලැබුවේ. පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබුණු භාණ්ඩ නැවතත් එම සමිතියටම භාරදීමට කටයුතු කළ බවයි  බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීඏකවරයා පැවසුවේ.

මේ පිළිබඳව අප ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.බී.හේරත් මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු පවසා සිටියේ තම බලප‍්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කොට්ඨාශ තුනක (3) ගැබිණි මව්වරුන්ට මෙම පෝෂණ මල්ල ලබාදුන් බවත් නෝර්වුඞ් ප‍්‍රදේශයේ ලබාදුන් පෝෂණ මල්ලේ ඇතැම් භාණ්ඩ මහජන සෞඛ්‍ය පරීඏකවරයාගේ නිර්දේශයමත ඉවත් කිරීමට කටයුතු කළ බවයි. එම ඉවත් කළ භාණ්ඩ සඳහා අදාළ සමිතියට කිසිදු ගෙවීමක් සිදුනොකරන බවයි. ඉදිරියේදී ලබාදෙන පෝෂණ මල්ල සඳහා පෞද්ගලික වෙළඳ අංශයේ මිල ගණන් කැඳවා එම පෝෂණ මල්ලට අවශ්‍ය ද්‍රව්‍ය පිටතින් ලබාගැනීමට කටයුතු කරන බවද ප‍්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළා.

හැටන් රංජිත් රාජපක්ෂ