ගලේ ගැහුවත් මරන්න බෑ

0

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන නගරයේ බණ්ඩාරණායක මාවතේ පදිංචිවී සිටි අසූදෙහැවිරිදි (82) අතුරුදන්ව සිටි සත්දරු පියෙක් දින දෙකකට පසුව මස්කෙළිය පොලිස් විශේෂකාර්්‍ය බලකායේ නිළධාරීන් හා ගිනිගත්හේන පොලිස් නිළධාරීන් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් පසු අද (21) දහවල් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 19 වෙනි දා නිවසේ සිටි දොන්උපසේන නැමති අය අතුරුදන්වී ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ගිනිගත්හේන පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (20) දවස පුරා පොලිස් සුනඛයින් යොදාගෙන මෙහෙයුමක් ආරම්භකර තිබුනත් එය සාර්ථක වූයේ නැහැ.

මේ අනුව පොලිස් විශේෂකාර්්‍ය බලකායේ සහයෝගය ඇතිව අද (21) අළුයම සිට සිදුකළ මෙහෙයුමකින් පසු අතුරුදන්ව සිටි අය ගිනිිගත්හේන දියනිල්ල ප‍්‍රදේශයේ අඩි පහළොවක් (15) පමණ ප‍්‍රපාතයක වැටී සිටියදී අද (21)දහවල් සොයාගෙන තිබෙනවා.

ඔහු සොයා ගන්නා අවස්ථාවේ ඔහු නිරුපද්‍රිතව නිර්වස්ත‍්‍රව සිටි බවත් ඔහුගේ සිරුර පුරා කූඩැල්ලන් සහ කූඹීන් විසින් තුවාල සිදුකර තිබූ බව පොලීසිය පවසනවා. තුවාලකරුව ගිනිගත්හේන රෝහලට ඇතුලත් කිරී්මෙන් පසු ඔහුගේ තත්වය බරපතල නිසා ඔහුව නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එම අතුරුදන්ව සිටි අයගේ ඥාතීන් පවසන්නේ මොහු සිහිමද ගතියෙන් සිටින බවත් මීට ඉහත අවස්ථා දෙකකදී මෙවැනිම ආකාරයකට අතුරුදන්ව සිටියදී සොයාගත් බවයි. මෙම සිද්ධිය පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරීඏණ පවත්වනවා.

රංජිත් රාජපක්ෂ- හැටන්

HATTON