අන්තවාදීන් ගැළපෙන්නේ BBSලාට!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ අන්තවාදින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු සදහන් කලේ බොදු බල සේනා වැනි සංවිධාන සදහා එවැනි ජාතිවාදීන් එක්විය යුතු බවයි.ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සදහා අවසර ලබාදීම සම්බන්ධයෙන් කිසිදු වැරැද්දක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යරයා “ශ්‍රි ලංකා මාතා “ශ්‍රි ලංකා තායේ “යනුවෙන් ගායනා කිරීම වැරැද්දක් නොවන බවද වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වු ඩිලාන් පෙරේරා අමාත්‍යරයා ,

හොරු යන ලේබලය ඇලවීමෙන් මේ කරන්නේ එයින් සියළුම දේශපාලන නියෝජිතයින් හොරු ලෙසට ජනතාව හදුන්වන්න ගනීවී.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වුණේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක සහයෝගයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පමණක් එතුමාට ජයග්‍රහණය කරන්න බෑ.කොළේ වහලා පිටිපස්සේ දොරෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්මත කරලා රටේ ජනතාව කෑගහලා කියන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සිදු නොකර මනාප ඡන්ද ක්‍රමය පවත්වාගෙන යෑමට කටයුතු කිරීමෙන් ඵලක් නෑ.අපි සියළු දෙනා එකතුවෙලා ලියුමක් දුන්නොත් බලය මාරු කරන්න පුළුවන්.