MR ගේ හැංගි හොරා වැඩ MY3 එළිපිට කරනවා! (Photos)

0

ඊයේ(22) දිනයේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කළ ද මෙතෙක් පැවතියේ ද ජාතික ආණ්ඩුවක්ම බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ පවසයි. නව ආණ්ඩුව මෙසේ ප්‍රකාශයට පත්කල ජාතික ආණ්ඩුවේ තිබෙන එකම වෙනස මෙතෙක් කලක් තිරයට පිටුපසින් රැගෙන ගිය ජාතික ආණ්ඩුව අද වන විට ප්‍රකාශයට පත් කර තිබීම බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

1978 නව ලිබරල් ධනවාදය හදුන්වා දීමෙන් පසුව සිට මෙම පක්ෂ දෙක ම සිටියේ සර්වසම ප්‍රතිපත්තියක බවත්, මෙතෙක් කාලයක් ඔවුන් සිදු කලේ, එක් පක්ෂයක් ආණ්ඩුවත් සමග එක් වී එම ප්‍රතිපත්තීන් ක්‍රියාවේ යොදවන විට අනෙක් පක්ෂය විපක්ෂයේ වාඩි වී ප්‍රතිපත්ති ගැන විවේචන සිදු නොකර පුද්ගලයන් පිළිබදව පමණක් විවේචන සිදු කරමින් හවුලේ කටයුතු කළ බවද ඔහු මෙහිදී සදහන් කළා. මෙය දශක 06කට ආසන්න කාලයක් පුරා සිදු වූ ක්‍රියාවලියක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කිසිදු වෙනසක් නොමැති බව පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඉතාමත් හොදින් පැහැදිලි වූ බවත්, ඊට හොදම උදාහරණය ජනාධිපතිවරණ සමයේ සිදු වූ ඉතාමත් නරක ම පිල් මාරු වීම් බව ඔහු අවධාරණය කළා.

Embed Music – Free Audio – FLSP Media con. 2015 03 23

FLSP-Media-con-2015-03-23-04

FLSP-Media-con-2015-03-23-07