ආණ්ඩුවේ වැඩ නිසා හිරූට මළ පැනලා

0

පසුගිය දිනවලදී මෛත්‍රිපාල සිරිසේනට මුවාවී සැබෑ දේශප්‍රේමින් ලෙස කරලියට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යහපාලන ආණ්ඩුවෙන් එළියට බැසීම සදහා සුදානමක් පවතී.ඇය මේ සම්බන්ධයෙන් ඇයගේ මුහුණු පොතේ දක්වා ඇති නමුත් අප මේ සම්බන්ධයෙන් විමසීම සදහා ඇයගේ ජංගම දුරකතනයට අවස්ථා ගණනාවකදී දුරකතන ඇමතුම් ලබාදුන්නද ඒ සියල්ලක්ම අසාර්ථක විය.

කාලයකට මහින්ද රාජපක්ෂත් තවත් වරෙක මෛත්‍රිපාල සිරිසේනත් අල්ලා ගනිමින් පක්ෂ පාට මාරු කිරීම සාමාන්‍යයෙන් හිරුණිකා වැනි අයගේ සිරිත බවට පත්ව හමාරයි.කොයි තරම් එකට සිටියත් කාපු පිගානට අත සේදීමට හිරුණිකාලා දෙපාරක් හිතන්නේ නැත.මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති බවට පත්වූ කාලයේදී මහින්දගෙන් තොර ලෝකයක් ඇයට නොතිබුණි,ඉන්පසු මෛත්‍රි සරණට ආ හිරුණිකා අද දේශපාලනය තුළ අනාත සාගරයක අතරමංවී අවසන්.

මේ අතර පවතින පාලනය සම්බන්ධයෙන් අදහස් විමසීම සදහා අප හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ජංගම දුරකථන අංකයට ගත් දුරකතන ඇමතුම් සංඛ්‍යාව 100කටත් වැඩිය.මීට සති ගණනාවකට ඉහතදී පටන් අප ඇය සම්බන්ධ කර ගැනීම සදහා උත්සහ කලත් ඇය අප සදහා ප්‍රතිචාර නොදැක්වූ බවද සදහන් කිරීමට කැමැත්තෙමු.

එස්.බි දිසානායක වැනි අයෙකුට අමාත්‍යධූරයක් පිරිනැමීම තමන් දැඩි ලෙස විරෝධය දක්වන බවද ඇය ෆේස් බුක් ගිණුමේ වැඩිදුරටත් සදහන් කර තිබේ.