SF, වැඩේ කුජීතයි!

0

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට පමණක් ෆීල්ඩ් මාෂල් ධුරය පිරි නැමීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.වසර 30ක් පුරාවටම පැවති යුද්ධය නිමා කිරීම සදහා හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පමණක් නොව ත්‍රිවිධ හමුදාපතිවරුන් සියළු දෙනා ඒ වෙනුවෙන් කටයුතු කරන්නට විය.තත්වය එසේ තිබියදී ෆොන්සේකාට පමණක් ෆීල්ඩ් මාෂල් ධූරය පිරිනැමීම සුදුසු නොවන බවට බොහෝ දෙනෙකු චෝදනා කරනවා.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයත් මේ සම්බන්ධයෙන් අදහස් පල කලා.එහිදී ඥනසාර හිමි සදහන් කළේ යුද්ධය අවසන් කළේ ෆොන්සේකා පමණක් නොවන බවත් නාවික හමුදාපතිට,ගුවන් හමුදාපතිටද එපමණක් නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද අදාල උසස්වීම් ලබාදිය යුතු බවයි.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය ඊයේ පැවත්වුණු අතර එය ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස්වූ ශී‍්‍ර ලංකාවේ පළමු හමුදා නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වෙන අතර ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.