දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු මෛත්‍රිගෙන්

0

උතුරේ අධිආරක්ෂිත කලාප අක්කර 425ක් අද (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් කර ජනතාවට ප්‍රධානය කිරීම සිදුවූවා.

මේ සදහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි විග්නේෂ්වරන් සහභාගිවූ අතර ඔහු සිංහලයෙන් උත්සව සභාව ඇමතීම සුවිශේෂි වුණා.

මෙහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ හිතේ දැවෙන ප්‍රශ්න විසදීම සදහා වත්මන් රජය කටයුතු කරන බවයි.ජනතාව තමා බලයට පත් කලේ යම් යම් බලාපොරොත්තු ඉටු කර ගැනීම සදහා වන බවත් ඒ වෙනුවෙන් අද තමන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

දෙමළ ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වලට තීරසාර විසදුම් ලබා දීම මෙන්ම මෙරට තුළ ජිවත් වන ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජිවත්විය හැකි වාතාවරණයක් උදාකරන බවටද ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.