JVP,TNA එකටත් පොදු කටු සුප්පූව අපිටත් හුරුයි!

0

හොරු සමග හෙළුවෙන් සිටීමට ඉතා කැමැත්තක් දක්වන මෛත්‍රි ප්‍රමුඛ හෙංචයියන් ඊයේ (23)දිනයේදී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කලා.හිතෙන හිතෙන ආකාරයට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන වත්මන් රජය තව ටික දිනකින් හොම්බෙන් යන්නේ මෙවැනි තීන්දු තීරණ නිසා බවද සදහන් කල යුතුයි.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ තම පක්ෂයේ ස්ථාවරය මාධ්‍යට ඉදිරිපත් කරන්නට විය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ කියා සිටියේ ,

දැන් ‘යහපාලන වස්ත‍්‍ර’ගැලවිලා ඉවරයි. ආර්ථික පොරොන්දු සම්පූර්ණයෙන් මිත්‍යාවක් කියලා රටට දැනිලා ඉවරයි. ඒවා ගැන හීන මවන්න බැහැ. තව මවන්න අලූත් හීනත් නැහැ. ඒ නිසා කළ යුත්තේ එක දෙයයි.ඒක තමයි තමන්ට විරුද්ධව බලවේගයක් ගොඩනගන එක වැළැක්වීම. ඒක තමයි මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසකට ඇමති කටු ටිකක් සූප්පු කරන්න දීලා කරන්න යන්නේ.” යනුවෙනි.

මෙම ප්‍රකාශය සදහා අද (23)පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂනායක නිමල් සිරිපාල සිය අදහස් පල කලා.ඔහු කියා සිටියේ ,

දැන් මේ දෙමළ ජාතික සන්ධානයත් ,ජෙ.වි.පී එකත් මැතිවරණ ළං වෙනකොට කටු සූප්පු කරන්නේ නැද්ද ?දැන් බලන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණට වෙනමම කාර්‍යාලයක් හදලා දීලා තියනවා.මේකට කියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලා.