“මම වටේ යන්නේ නෑ”

0

තමන් වෙන වෙන පක්ෂ වලින් ඡන්දය ඉල්ලීම සිදු නොකරන බවත් තමා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.අද (23) අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණය තුළදී කැන්ගරුවා ලාංජනය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බවට දේශපාලනය තුළ රාවයක් පැවතුණා.මහින්ද රාජපක්ෂ ඉදිරියේදී ඒ.එස්.පී. ලියනගේ නියෝජනය කරන ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂයෙන් මහ මැතිවරණය එළැඹෙන බවට චීන ෂින්හුවා පුවත් සේවය පසුගියදා වාර්තා කල අතර එම පුවත්පත සදහා අදහස් දක්වමින් ඒ.එස්.පී. ලියනගේ ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ගනු ලැබූ මේ තීරණය නිසා තමන් තමන්ගේ පක්ෂයේ කැන්ගරුවා ලාංජනය වෙනස් කිරීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා හමුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂගෙන් විමසීමක් කල අතර එහිදි ඔහු කියා සිටියේ ,”කවුද මට අකමැති ?කෝ කෙලින් කියන්න බලන්න .මම අහන්නම් ඇයි මට විරුද්ධ කියලා යනුවෙනි.”තමාට පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබී ඇති නමුත් තමන් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙකු බවයි මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ.