ප්ලාස්ටික් යුගය කෙලෙස නිමාව දකිනු ඇති ද?

0

පෘථිවිය යුග ගණනාවක් පසු කරමින් වර්ථමානයේ පෙට්‍රොලියම් යුගයට අවතීර්ණ වී සිටියි. ලොව ජීවත් වන ජනතාවට නැතිවම බැරි බලශක්ති ප‍්‍රභවයක් ලෙස එය එතරම් මිනිස් ජීවිත සම`ග බැදී පවතී. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ දී නිපදවන අතුරුඵල හරහා නිපදවන ප්ලාස්ටික් පහසුව, සැහැල්ලු බව යන ගුණාංග වලින් පොහොසත් හෙයින් එය පෙට‍්‍රල් වලටත් වඩා අපේ ජීවිත වලට නැතිවම බැරි දෙයක් බවට මේ වන විට පත්ව තිබේ. නිවසේ කටයුතු වලදී අප කෙතරම් ප්ලාස්ටික් ප‍්‍රමාණයක් භාවිතා කරන්නේ ද? අපගේ නිවසට මිලදී ගන්නා භාණ්ඩ අතර ප්ලාස්ටික් නිෂ්පාදන කොපමණ ප‍්‍රමාණයක් ඇතුළත්ව තිබේද ? යන්න පිළිබ`ද විමසා බලන විට එය අපට මැනවින් අවබෝධ වනු ඇත. මේ හේතුවෙන් වර්ථමාන යුගය පෙට්‍රෝලියම් යුගයකටත් වඩා ප්ලාස්ටික් යුගයක් ලෙස හැදින්වුවද වරදක් නැත.

මෙලෙස අපේ දෛනික වැඩකටයුතු පහසුකර දෙන සමීපතමයකු ලෙස සලකා කටයුතු කළද ප්ලාස්ටික් අපගේ ජීවිත වල නිහඩ හතුරකු වන බව ඔබ මොහොතක් හෝ සිතුවා ද?. විශේෂයෙන්ම ප්ලාස්ටික් වර්ථමානයේ පවතින බොහොමයක් බෝ නොවන රෝග ස`දහා මූලික වන එක් දායකයකු බව ඔබ දැන සිටියා ද?.

පෙට‍්‍රල් නිෂ්පාදනයේ අතුරුඵල ලෙස බැහැර වන ඒකීය අවයවික විවිධ උත්පේ‍්‍රරක යොදා බහු අවයවික බවට පත් කරමින් ප්ලාස්ටික් නිෂ්පාදනය ස`දහා මූලික අඩිතාලම ලෙස පොලිඑතලීන් නිෂ්පාදනය කෙරේ. ඉන් අනතුරුව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ වලට අවශ්‍ය ගුණාංග ලබා ගැනීම වෙනුවෙන් යළිත් ආකලන ද්‍රව්‍ය (Processing aids)යොදා ගනිමින් විවිධ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කරනු ලබයි. එලෙස නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් නිෂ්පාදන ගෘහාශි‍්‍ර (Domestic Plastic)සහ ඉංජිනේරු (Engineering Plastic) යනුවෙන් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කෙරේ. මින් ගෘහාශි‍්‍රත ප්ලාස්ටික් වැඩි හානිදායක තත්ත්වයන් මතු කරනු ලබන ප්ලාස්ටික් විශේෂය ලෙස සැලකේ.

එදිනෙදා කටයුතු ස`දහා අප භාවිතා කරන පානිය ජල බෝතලයේ සිට ආහාර ඇසුරුම් සහ ආහාර බදුන්, බේසම් සහ අනෙතුත් ප්ලාස්ටික් භාණ්ඩ සියල්ල ගෘහාශි‍්‍රත ප්ලාස්ටික් නිෂ්පාදන ගණයට අයත් වේ. ගෘහාශි‍්‍රත ප්ලාස්ටික් අඩු ශක්තිමත් බවකින් සහ කල් පැවැත්මෙන් අඩු ප්ලාස්ටික් නිෂ්පාදන ලෙස සැලකේ. භාවිතා කිරීමෙන් පසු අක‍්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් මෙම ප්ලාස්ටික් නිෂ්පාදන පරිසර ගැටලු රැසකට ද මුල් වී තිබේ. නිතර භාවිතය සහ ඇතැම් විට එක්වරක් පමණක් භාවිතා කර ඉවතලීමට සිදුවීම නිසා ගෘහාශි‍්‍රත ප්ලාස්ටික් විශාල වශයෙන් පරිසරයට කසල ලෙස බැහැර කිරීම ද සිදු වේ. මෙලෙස පරිසරයට මුදා හරින ප්ලාස්ටික් දහනය කිරීමේ දී මුදා හැරෙන ඩයොක්සයිඩ විෂ සහිත වේ. ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී භාවිතා වන ආකලන සහ උත්පේ‍්‍රරක වල අඩංගු ඇතැම් මූල ද්‍රව්‍ය දහනයේ දී නිකුත් වන එම විෂ සහිත ඩයොක්සයිඩ ස`දහා මුල් වීම ඊට හේතුවයි. ගෝලිය උණුසම ඉහළ යාමට මුල්වන හරිතාගාර වායු බොහෝමයක් ඒ අතර පවතී.

ප්ලාස්ටික් නිෂ්පාදන ස`දහා මූලික අවස්ථාවේ දී භාවිතා කරන ලද උත්පේ‍්‍රරක සහ ආකලන වල අන්තර්ගත ලෙඞ්, කැඞ්මියම් සහ ටින් වැනි මූල ද්‍රව්‍ය මෙන්ම ආරම්භක සංයෝග අතර පවතින ප‍්‍රතිකි‍්‍රයා නොකළ සංයෝග උෂ්ණත්වය, ආලෝකය හමුවේ අමතර ප‍්‍රතිකි‍්‍රයා සිදු වෙමින් ඇසුරුම් කර ඇති ද්‍රව්‍ය සම`ග මිශ‍්‍ර වන අවස්ථා පවතී. එවැනි මූල ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර වන අතර එම`ගින් ක්ෂණික රෝගි තත්ත්වයන් පෙන්නුම් නොකළද කාලයත් සම`ග ඇතැම් විට පරම්පරා ගණනාවකින් පසුව එහි ප‍්‍රතිඵල දිස්වනු ඇත. ඒ අනුව ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර නිෂ්පාදන මිලදී ගැනීමේ දී එහි සුරක්ෂිත භාවය පිළිබ`ද යළිත් සිතා බැලීමට දැන් සිදුව ඇත.

ප්ලාස්ටික් වල අඩංගු අහිතකර ද්‍රව්‍ය ප‍්‍රධාන වශයෙන් සිරුරේ හොර්මොන පද්ධතිය කෙරෙහි බලපෑම් එල්ල කරනු ලබන අතර Bisphenol A එහි ඉතා ජනපි‍්‍රය සංඝටකයකි. බිළිදු කිරි බෝතල් වෙනුවෙන් භාවිතා කරන වීදුරු ලෙස දිස්වන ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවෙන් එම ආකලන සංඝටකය වැඩි වශයෙන් භාවිතා කෙරේ.

හෘද රෝග, අධික තරබාරුව, දියවැඩියාව, පිළිකා සහ තයිරොයිඞ් ආශි‍්‍රත ගැටලු සදහා එම ආකලන සංඝටක වල අඩංගු විවිධ රසායකින ද්‍රව්‍ය හේතු කාරක වී ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම Bisphenol A ඊස්ට‍්‍රජන් ලෙස හැසිරෙමින් කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයෙහිම හෝරමෝන මට්ටම් වල සමබලතාවය බිදිමින් අහිතකර තත්ත්වයන් මතු කරන බවද පර්යේෂණ ම`ගින් අනාවරණය කරගෙන තිබේ.

මේ අතර පරිසරයට කසල ලෙස මුදා හරින ප්ලාස්ටික් හේතුවෙන් වනාන්තර වල ජීවත් වන සතුන්ගේ රුධිරයේ ද Bisphenol A වැනි අහිතකර සංඝටක පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ප්ලාස්ටික් නිෂ්පාදනය ස`දහා භාවිතා වන ආකලන සහ උත්පේ‍්‍රරක වල අන්තර්ගත අහිතකර රසායන ද්‍රව්‍ය කාලයත් සම`ග මිනිස් සිරුර තුළ මෙන්ම වන සතුන්ගේ ද ජානමය වෙනස්කම් කෙරෙහි බලපෑම් එල්ල කරමින් සිටියි. එහි අහිකර බලපෑම ක්ෂණික රෝගි තත්ත්වයන් ලෙස පෙන්නුම් නොවුනද නිහඩව සිදුවන හානිය අපගේ අනාගත පරපුරට අත්විදීමට සිදුවනු නොඅනුමානය.

තොරතුරු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කිථිකාචාර්ය ආචාර්ය එම්. එ. බී. ප‍්‍රශාන්ත මහතා BSc (Hons) in Chemistry (Sri Lanka), PhD (Sri Lanka)

PLASTIC