එස්.බී නිසා එජාප ඇමතිවරු පත්තු වෙලා!

0

සමාජය තුළ තවමත් වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාවක් ලෙස එස් .බී දිසානායක අමාත්‍යරයාට යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධූරයක් ලබා දීම හදුන්වා දිය හැකිය.එස් .බි සම්බන්ධයෙන් අප ඔබට අමුතුවෙන් කිසිවක් ප්‍රකාශ කල යුතු නැත.මක් නිසාද යත් ඔහුගේ පැටිකිරිය සම්බන්ධයෙන් සියළු දෙනාම හොදින් දන්නා නිසායි.අද වන විට එස් .බි දිසානායකට යහපාලන ආණ්ඩුවේ ඇමති කටුවක් හිමිවීම සම්බන්ධයෙන් කතාව අළුත් අතට හැරී තිබේ.ඒ රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තයෙකු ලෙස කටයුතු කල අයෙකු එජාපයේ පිරිස් සමග එකට වාසය සම්බන්ධවයි.මේ හේතුව නිසා වත්මන් ආණ්ඩුවේ ඇමතිධූර පදවි දරන එජාප පාක්ෂිකයන් දැඩි කලකිරීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

යහපාලනය ගත් කටට නම් ප්‍රකාශ කරන්නේ මැරයන් ,දාමරිකයන් මෙන්ම තක්කඩියන් ඔවුන්ගේ අමාත්‍ය මණ්ඩලය තුළ නොමැති බවයි.නමුත් එස් .බි පිළිබද කතා කිරීමේදී ඔහුට ඉහත සදහන් කල නම් සියල්ලම පාහේ නියත වශයෙන්ම ගැළපෙනු ඇත.එවන් පුද්ගලයෙකු රෙද්ද අස්සේ දා ගනිමින් යහපාලකයෝ කටයුතු කිරීමෙන් පෙනී යන්නේ මෛත්‍රි ආණ්ඩුවත් වගකීම් විරහිතව කටයුතු කරන රජයක් බවයි.

පසුගියදා එස් .බි දිසානායක මෛත්‍රි ආණ්ඩුවේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝසි සේනානයක කියා සිටියේ තමන් නියෝජනය කරන ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අලූතින් පත්වු එස්.බී දිසානායක සම්බන්ධයෙන් තමන්ට තවදුරටත් විවේචන පවතින බවයි.

විශේෂයෙන්ම එස් .බී දිසානායක පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් වෛරි සහගත ලෙස ප්‍රකාශ නිකුත් කලා.ඔහු කියා සිටියේ ,

චන්ද්‍රිකා උත්සලා පොළවේ ගහලා රෙදි ගලවලා චන්ද්‍රිකාගේ හෙලුබැල්ලෙන් පිස්පු වැටිලා පාරේ දුවන්න වැඩ සලස්වන්න හොද අවස්ථාවක් ලෙස ඉදිරි මැතිවරණය හදුන්වා දිය හැකි බවයි.

එදා මේ ප්‍රකාශයට විරුද්ධව එජාප පාක්ෂිකයන් බෙරිහන් දුන්නත් අද එස් .බී සමගම ඔවුන් දීග කන්නේ රෙදි ඇදගෙනද යන්න අපට ගැටළු සහගතයි.

එස් .බි චන්ද්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශ කල ඒ වෛරි සහගත ප්‍රකාශයට ඒ දිනවලදී පිළිතුරු ලබා දුන් රෝසි සේනානායක ,

රටේ කාන්තාවන්ට කරන ලද මේ ප්‍රකාශය ඉතා අපරාධයක් බවත් එය දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක්.අමාත්‍ය එස්.බී සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එසේ නැත්තම් එස්.බී සියළු කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවද ඇය පෙන්වා දුන්නා.චන්ද්‍රිකා බණ්ඩාරනායකට මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට ඉල්ලිමක් කරන අතරම හිටපු ජනාධිපතිවරියක් සම්බන්ධයෙන් එස්.බි මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් රටේ සෙසු කාන්තාවන්ට කෙසේ අමාන්ත්‍රණය කරාවි දැයි ඇය ප්‍රශ්න කරනවා.