TNA ගැන ජාතිවාදය අවුස්සන්න එපා

0

 “දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධූරය ලබාදීම ජාතිවාදය ඇවිස්සීමක් වනු ඇතැයි යන අදහස වැරදිය. එලෙස ප්‍රකාශ කිරීම ජාතිවාදි බව දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් ‍අඩෙයිකලනාදන් පැවසු බව සෙයිදි වෙබ් අඩවිය පවසයි.

 රජය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධ වීමෙන් පසු, විපක්‍ෂ නායක ධූරය සම්බන්ධයෙන් පැනනැගී ඇති ආන්දෝලනය පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීම යනු, පසුගිය රජය ගමන්කළ මාවතේම මෙම රජයත් ගමන් කරනවාද යන සැකය ඇතිකර ඇත. ඒ අතරම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය දුර්වල වී ඇති තත්වයේදී විපක්‍ෂ නායකයා ලෙස පත්කරන්නේ කාවද යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රධායට අනුව එය තීරණය කළ යුතුය.”

 “දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබාදුන්නොත් එය ජාතිවාදයට හේතුවක් වනු ඇතැයි ප්‍රකාශ කිරීම වැරදිය. යම් කිසිවෙකු එලෙස ප්‍රකාශ කරන්නේ නම්, ඔහු රටේ සාමකාමී වතාවරණයක් ඇතිවනවාට අකමැති පුද්ගලයෙකු විය යුතුය. එවැනි අදහස් ජාතිවාදයට හේතුවනු ඇත”