ජනපති පිලිගන්න චීනය සුදානමින්

0

ජනපති මෛත්‍රීපාල සිරිසේන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය චම්පික රණවක, මුදල් අමාත්‍ය රවී කරුණානායක  සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් වුනා.

චීන මහජන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ ආරාධනාවක් අනුව අද (25) සිවු දින චීන නිල සංචාරය අරඹන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට චීන ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් සූදානම් කර තිබේ.

චීනයේ බීජිං නුවර දී හෙට (26) චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධාත්වයෙන් චීන මහජන ශා‍ලාවේ දී පැවැත්වෙන රාජ්‍ය උත්සවයට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක් වෙයි . එසේම එහිදී දෙරටේ නායකයන් විසින් ශ්‍රි ලංකාවට ඉතා වැදගත් ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය .අනතුරුව චින ජනාධිපතිවරයාගේ විශේෂ හමුවකට සහ දිවා භෝජන සංග්‍රහයකටත් ජනාධිපතිවරයා එක් වෙයි.

 චීන ජාතික මහා කොංග්‍රසයේ ස්ථාවර කමිටු‍ සභාපති ෂහන්ඩ් රජීන්ඩ් (zhand rajirnd)සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ජනාධිපතිවරයා චීන අගමැති Li Keqiang  සහ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වීමට ද නියමිතය.

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නිරත වන තෙවන නිල විදේශ සංචාරය මෙය වේ.