යහපාලන ඇමතිට ගම්මුන්ගෙන් විරෝධතා! (Photos)

0

පශු සම්පත් අමාත්‍යංශය යටතේ පාලනය වන බෝපත් තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයෝ අද (31) පස්වරුවේ උද්ඝෝෂණයක නියැලුනා.එම ගොවිපලේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍ය පී.හැරිසන් අද (31) එම ගොවිපලට පැමිණෙන බව දැණුම්දී එය මග හැරි බවට චෝදනා කරමිනුයි එම ගොවිපලේ සේවකයෝ උද්ඝෝෂණයේ නියැලුනේ.එම ගොවිපලට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සිදුකළ මෙම උද්ඝෝෂණයට බෝපත්තලාව, මැණික් පාලම සහ ඩයගම යන ගොවි පලවල් වල සේවකයෝ විශාල පිරිසක් සහභාගී වුනා.

දැනට එම ගොවිපලේ සේවකයෙකුට දිනකට රු.හාරසියයක වැටුපක් ගෙවන බවත් අද රටේ පවතින ජීවන වියදම අනුව එම වැටුප රු.අටසියය දක්වා වැඩිවිය යුතු බවයි සේවකයින් පෙන්වා දෙන්නේ.ගොවිපලේ සිටින සතුන්ට ලැබෙන පහසුකම් පවා නොමැතිව එම ගොවිපලේ සිටින සේවකයින් පන්සියයකට අධික සේවකයින් ප‍්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුවට මුහුණදී ඇති බවත් හිටපු විෂයභාර අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන්ද සේවකයින්ගේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබා නොදී සේවකයින්ව රැවට්ටූ බවද ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ බෝපත්තලාව ශාඛාවේ සභාපති ශාන්ත කේ. අතුකෝරාල පැවසුවා.

සේවකයන්ගේ ගැටලුවලට කඩිනමින් සාධාරණ විසදුමක් ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා අපොහොසත් වුවහොත් තමන් ගොවිපලේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද ශාන්ත කේ. අතුකෝරාල අවධාරණය කර සිටිනවා.

මේ සම්න්ධයෙන් අප පශූ සම්පත් අමාත්‍ය පී.හැරිසන් ගෙන් විමසීමක් කළා.අමාත්‍යවරයා පවසා සිටියේ එම ගොවිපලේ සේවකයන් විසින් වැටුප් වැඩිකරන ලෙස බල කරමින් වැඩවර්ජනයක් ආරම්භ කරන බවට කර තිබූ දැණුම්දීමක් මත අද (31) දින එම ගොවිපලට යෑමට තීරණය කර තිබුණත් අත්‍යාවශ්‍ය වෙනත් රාජකාරී කටයුත්තක් නිසා අද දින එම ගොවිපලට යෑමට නොහැකිවූ බවයි.

ඒ බැවු මීට දින පහකට ප‍්‍රථම පාලන අධිකාරිය මගින් සේවකයන්ට දැණුම් දුන් බවත් තවත් ඉදිරි දිනයකදී එම ගොවිපලේ සංචාරයක නියැලෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. එහෙත් ශාන්ත කේ. අතුකෝරාල පවසන්නේ පාලන අධිකාරිය මගින් අමාත්‍යවරයා නොපැමිණෙන බව තමන්ට දැණුම්දුන්නේ අද උදෑසන බවය. මෙම උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම ගොවිපලේ කළමණාකාරවරයා විසින් බාධා පමුණුවනු ලැබුවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC07801 (1) DSC07801 DSC07804 DSC07809