ඥානසාරටත් අබසරණයි!

0

හැමදාමත් වගේ කගේ හෝ ඔඩොක්කුවකට පැනීමට මාන බලමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අද (31) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආගමික ගැටලූ විමර්ශනය සදහා පත් කෙරුණු පොලිස් ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

ඥානසාර හිමියන් කරන ප්‍රකාශවලින් ඉස්ලාම් ආගමට අපහාසයක් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට සිත් රිදීමක් ඇති වන බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි ඥානසාර හිමියන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගත්තේ.

ඥානසාර හිමියන් නම් මාධ්‍ය ඉදිරියේදී කියා සිටින්නේ තමන් සුළු ජනයා ඉලක්ක කරගනිමින් වෛරි සහගත ප්‍රකාශ නිකුත් නොකරන බවයි.නමුත් අද ඒ කාරණය ඥානසාර පමණක් පිළිගන්නා මුළු රටම නොපිළිගන්නා කාරණයක් බවට පත්වී හමාරයි.

පසුගියදා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බොදු බල සේනා සංවිධානයට මේ චෝදනාව පැහැදිලිව සිදුකල නමුත් ඉන්පසුව පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර මෛත්‍රිපාල සිරිසේනට අභියෝග කලේ තමන් මුස්ලිම් ජනතාවට හිරි හැර කල බවට මෛත්‍රිපාල ඔප්පු කලහොත් තමන් චීවරය හැරදා මෛත්‍රීට සේවය කරන බවයි.නමුත් එය එසේ සිදු කිරීමට නොහැකි වුවහොත් මෛත්‍රි තමන්ගේ පන්සලේ ඇබිත්තයෙකු ලෙස කටයුතු කල යුතු බවටද ඥානසාර ජනපති මෛත්‍රිට අභියෝග කලා.