ප්‍රපාතයෙන් කෙළවරවුණු ජිවීත දෙකක් (Photos)

0

දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත‍්‍රී රෝද රථයක් බගවන්තලාව හැටන් ප‍්‍රධාන මාර්ගයේ වනරාජා ප‍්‍රදේශයේදී අඩි සියයක ප‍්‍රපාථයකට පෙරලීමෙන් එම ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසනවා.

තුවාල ලැබූ දෙදෙනා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.අද (31) සවස 7 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෙම ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් අය දික්ඔය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් බලා හැටන් බලා එන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇති බවයි හැටන් පොලීසිය පවසන්නේ.

මෙම තුවාල ලැබූවන් අතර රියදුරාද සිටින බව හැටන් පොලීසිය පවසනවා.සිද්ධිය පිළිබඳව හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08027 DSC08037