උතුරේ අලි ඉතුරුවුණ හැටි!

0

වන අලි පැටියෙකුට වනාන්තරය තුළ නිදහසේ ජිවත් වීමට හැකි පරිසරයක් රාජපක්ෂ ආණ්ඩුව තුළදී නොතිබුණු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ රාජ්‍ය දැව සංස්ථාවේ 47 වන වාර්ෂික සංවත්සරික උත්සවයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

උතුර,නැගෙනහිර පළාත් වල ප්‍රභාකරන් නිසා යුද්ධය තිබුණ නිසා වනාන්තර ටික ඉතුරු වෙලා තියනවා.වනය විනාශ කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබුණා.

ඒක නිසා වටිනා දැව ,වනාන්තර දේශපාලන නියෝජිතයන්ගේ ඕනෑ එපාකම් මත ජවාරම්කාර ව්‍යාපාරකයින් අපේ වනාන්තර විනාශ කලා.අලි පැටියෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරි කාලයක් තමා පසුගිය රාජපක්ෂ පාලන සමය.

අලි හොරු වුණේ පාලකයෝ.මේ වන විටත් අපි ළග තොරතුරු තියනවා අලි පැටවුන්ට බලපත්‍ර නිකුත් කරපු අය ගැන.ඒකයි මම කියන්නේ අපි ජනවාරි 08 වනදා පරාජය කලේ අලි පැරියෙකුටවත් නිදහසේ ඉන්න දුන්නේ නැති ආණ්ඩුවක් කියලා .