දකුණු කොරියාවට ලොකු දඩයක්!(Photos)

0

ගිය වසරේ අප්‍රේල් මස සිදු වූ Sewol නෞව්කා අනතුරින් මිය ගිය සිසුන් සදහා ඩොලර් 400,000ක් ගෙවීමට දකුණු කොරියාවට සිදු වී තිබෙනවා.

මෙම නෞව්කාව අනතුරට පත් වන විට එහි මගීන් 476 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 376 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.මිය ගිය අය අතුරින් 250කට අධික සංඛ්‍යාවක් විනෝද චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසක් බවයි විදෙස් වාර්ථා සදහන් කළේ.

මෙම අනතුර සිදු වීමට හේතුව ලෙස සදහන් වුණේ යාත්‍රාවේ දූෂිත කළමනාකරණ හා අත්දැකීම් අඩු කාර්ය මණ්ඩලය මෙන් ම, කපිතාන්වරයාගේ නොසැලකිලිමත්භාවය බව තහවුරු වීම හේතුවෙන් මෙම නෞව්කාවේ කපිතාන් Lee Joon-seok හට වසර 36ක සිර දඩුවමක් ද පනවා තිබෙනවා.

මෙම අනතුරින් මිය ගිය ගුරුවරුන්ට ඩොලර් 700,000කට ආසන්න මුදලක් ද, අනෙකුත් මිය ගිය මගීන් වෙනුවෙන් ඩොලර් 550,000 බැගින් ද ඔවුන්ගේ පවුල්වලට ලබා දීමට කටයුතු කරන බවයි ඉකුත් බදාදා දකුණු කොරියානු රජය පැවසුවේ.කෙසේ වෙතත් 2015 අප්‍රේල් මස 16 වනදාට මෙම අනතුර සිදූ වී වසරක් සපිරෙනවා.

_78904035_024685210-1 S. Korea Ferry With Hundreds Of Passengers Sinks