පාඨලි ඔහොම යං …

0

සැබෑ දේශප්‍රේමියෙකු ලෙස පෙනීසිටින අමාත්‍ය පාඨලි චම්පිකට නම් මේ ගෙවෙන කාලය එතරම් සුභවාදි නොවේ.මහින්ද රාජපක්ෂ සිටින තාක් කල් ඔහු සමග කාලය ගත කල පාඨලි ඉන්පසුව මෛත්‍රිපාල සමග සුවෙන් පසුවන්නට විය.

නමුත් ඔහු කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් අපට සේම ඔහුටද කිසිදු පැහැදීමක් නොමැත. එහෙම අයෙකු ජනාධිපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පල කරන්නට විය.

එහිදී ඔහු ප්‍රකාශ කලේ ,

චම්පික රණවකට ජ්‍යෝතිෂ්‍යවේදියෙක් 2020 වන විට මේ රටේ ජනාධිපති වීමට යෝගයක් තියන බව කිව්වාම ඔහු කල්පනා කරනවා ජනාධිපති ක්‍රමය තියාගන්න යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පල කලා,එහිදී අදහස් දැක්වූ හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ කියා සිටියේ ,සියල්ලන්ටම වඩා රටේ ජනාධිපතිකමට චම්පික රණවක සුදුසු බවත් ඔහුට ජනාධිපතිවීමට කිසිම නුසුදුසුකමක්‌ නොමැති බවත් ඔහු ලංකාවේ ජනාධිපති වීම හෝ නොවීම ජනතාව තීරණය කරනු ඇති බවයි.

ප්‍රතිපත්තියක් නැති , තීරණයක් කෙළින් ගැනීමට නොහැකි පාඨලි වැනි අය මෙරට ජනාධිපති ධූරයට පත්වුවහොත් රටේ අනාගතය කෙබදු වේදැයි මෙය කියවන ඔබම මොහොතකට සිතා බලන්න.

පහත දැක්වෙන්නේ 2020 මෙරට ජනපති පාඨලි යන පුවත් සිරස්තලය යටතේ අප වෙබ් අඩවියේ පලවූ ප්‍රවෘත්තියට ලැබුණු ජනතා අදහස්ය.

comment