ගැහුවට දුකයි!

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊයේ (01) පැවති පා ගමනට කදුලු ගෑස් සහා ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්‍යාලය අද (02) නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සදහන් වූයේ, විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත සංදේශයක් භාර දීමට යන බව පවසා හදිසියේම ඔවුන්ගේ ගමන් මග වෙනස් කර පූර්ව දැනුම් දීමකින් තොරව අග්‍රාමාත්‍ය කාර්‍යාලය වෙත ගමන් කිරීමට තැත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සිදු වූ බවයි. නමුත් පාගමනේ නිරත වූ සිසුන් 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්‍යාල වෙත පැමිණීමට ආරධනා කල ද එම ආරාධනාව නොතකා පොළිසිය සමග ගැටීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවද අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිකුත් කල නිවේදනයේ සදහන්..

එම නිවේදනය පහතින් දැක්වෙයි.

RW