ජාතික ආරක්ෂාව අනතුරේ දාන්න එපා!

0

ජාතික ආරක්ෂාව අනතුරේ නොදමන ලෙසට තමන් වත්මන් රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ඊයේ (01) කොරතොට විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

තමන් රට භාර දුන්නේ ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතින කාල වකවානුවක බවත් ජනතාවගේ නාමයෙන් ඒ ආරක්ෂාවට නැති කර නොදමන ලෙසට තමන් ඉල්ලීමක් කරන බවද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කලා.

මේ අතර දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල් සටන් පුහුණුව පවා ලැබූ ප්‍රබල ත්‍රස්‌තවාදී සැකකරුවන් රාශියක්‌ රඳවා සිටින බැවින් එම බන්ධනාගාරයට විශේෂ ආරක්‍ෂාවක්‌ සැපයීම සඳහා පසුගිය කාලයේ මැගසින් බන්ධනාගාරයට හමුදා නිලධාරීන් යොදවා තිබිණි.