ට්‍රෝලර් යාත්‍රාවක් ගිලේ -54ක් මරුට

0

රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේදී ඊයේ(01) අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් 54 දෙනෙකු මියගොස් තිබෙනවා.

“Dalniy Vostok” නැමැති මෙම යාත්‍රාව අනතුරට පත්වන විට එහි 132කට ආසන්න පිරිසක් ගමන් කර තිබෙනවා. මෙහි ගමන් ගත් මගීන්ගෙන් 63න් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර කිහිප දෙනෙකුගේ ශරීර උෂ්ණත්වයන් අස්වාභාවිකව අඩුව පැවති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

යාත්‍රාවේ එන්ජිම සම්පූර්ණයෙන් ජලයෙන් යට වීමත් සමග විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ යාත්‍රාව ජලයේ ගිලී ඇති අතර අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මේ වන විට 15 දෙනෙකු පමණ සොයා ගැනීමට හැකිවූ බවත් Petropavlovsk-Kamchatsky නාවික මුදා ගැනීමේ මධ්‍යස්ථානයේ නායක සහ සම්බන්ධීකරණ කපිතාන් Viktor Klepikov බිබිසි පුවත් සේවයට පවසා තිබෙනවා.