ගෝඨාට කෙටුවා නම් බලාගන්න තිබුණා

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර වෙනස ප්‍රියත්න සිරිසේනගේ ඝාතනය හරහා සනාත වන ආකාරය පිළිබදව පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පෙන්වා දෙනවා .

සිරස නාලිකාවේ විකාශයවූ “සටන “වැඩසටහනට එක් වෙමින් ඔහු මේ අදහස් පල කලා.

එහිදී අදහස් දැක්වූ රංජන් රාමනායක කියා සිටියේ එදා ජනපති සොහොයුරු ගෝඨාබය රාජපක්ෂට යම් කෙනෙක් පොරවෙන් කොටා ගියා නම් එම දිස්ත්‍රික්කය යහතින් සිටීමට හැකියාවක් නොමැති වන බවයි.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියත්න සිරිසේනට අද පොරවෙන් කොටා ඔහු ඝාතනය කර පැවතුණද මෛත්‍රිපාල කිසිදු කිපීමකින් තොරව වැඩ කටයුතු කරන බවත් යහපාලනය යනු මෙය බවද අමාත්‍යරයා පෙන්වා දුන්නා.