මහ රජා වටේ ඉන්නේ ගොන් රැලක්

0

මෙරට ආගම්වාදය ඇතිවූයේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළදී බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.අමාත්‍යරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහීනී නාලිකාවේ විකාශයවූ‘මහජන සේවය පිණිසයි‘වැඩසටහනට එක් වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බව ඔහු නොදන්නා බවත් මහින්ද රාජපක්ෂ ,ගඩාෆි පරම්පරාවෙන් පැවත එන ඒකාධිපතියෙකු බවද රාජිත සේනාරත්න පෙන්වා දුන්නා.ඔහුට මහාරජාණෝ නමින් ගීත ගායනාවූ අතර මහින්ද රාජපක්ෂ ඒ කාලයේදී ගමනක් බිමනක් යනවිටදී පවා වාහනය තුළ මේ ගීතය ශ්‍රවණය කරමින් ගිය බවද රාජිත සේනාරත්න කියා සිටියා.

ඒ දිනවලදී මහින්ද රාජපක්ෂගේ ප්‍රියතම ගීතය “මහ රජාණෝවූ බවත් “ජනතාව අතර රැදී සිටී ඒ සුන්දර මහින්ද රාජපක්ෂ නම් මිනිසා මහරජෙක් කරමින් ගීත ගායනා කලේ මේ රටේ සිටී මෝඩ රැලක් බවද අමාත්‍යරයා මෙහිදී පෙන්වා දුන්නා.ජාතික ආණ්ඩුවක් පිහිට වූයේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට බවත් එය ජනාධිපතිවරණ ප්‍රචාරණ කාල සීමාවේ පටන් පැවති සැලසුමක් බවද අමාත්‍යරයා සදහන් කලා.

උතුරේ අද එදාට වඩා ජනතාව සතුටින් ජීවත් වන බවත් ඒ ජනතාව බලාපොරොත්තුවූ ප්‍රජාතන්ත්‍රවාදය අද ලැබී ඇති බවද අමාත්‍යරයා අවධාරණය කලා.අද මහින්ද රාජපක්ෂ වටා ඒකරාශිවී සිටින්නේ කුලියට ගත් පිරිසක් බවත් ඒ පිළිබද වත්මන් ආණ්ඩුව හොදින් දන්නා බවත් අමාත්‍යරයා පැවසුවා.