අපිට සාකච්ඡාවක් දුන්නේ නෑ

0

පසුගියදා අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයට එල්ල කල කදුළු ගෑස් සහ ජල කදම්භය බොහෝ දේශපාලන පක්ෂ පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලැබුවා.අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කලේ සරසවි සිසුන්ගේ අධ්‍යාපන ගැටළු කිහිපයකට බළධාරින් විසදුම් ලබා නොදීම නිසා මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කල බවයි.

නමුත් සිසුන් මර්ධනය සදහා පොලිසිය ජල කදම්භ සහ කදුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනයක් නිකුත් කලා.එහි දැක්වුනේ ,විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත සංදේශයක් භාර දීමට යන බව පවසා හදිසියේම ඔවුන්ගේ ගමන් මග වෙනස් කර පූර්ව දැනුම් දීමකින් තොරව අග්‍රාමාත්‍ය කාර්‍යාලය වෙත ගමන් කිරීමට තැත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සිදු වූ බවයි. නමුත් පාගමනේ නිරත වූ සිසුන් 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්‍යාල වෙත පැමිණීමට ආරධනා කල ද එම ආරාධනාව නොතකා පොළිසිය සමග ගැටීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවයි එහි දැක්වූයේ.

නමුත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා කොළඹ මාධ්‍ය හමුවක් ඊයේ දිනයේදීත් පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ නජිත් ඉන්දික ප්‍රකාශ කලේ ,විරෝධතාවය අතරතුරදී කිසිදු සාකච්ඡාවක් සදහා ආරාධනාවක් නොලැබුණු බවයි.

එසේම කිසිදු සිසුවෙකු පොලිසියට පහර දීම සිදු නොකල බවත් පොලිසිය සිසුන්ට අංශක 45ක් ඉහළින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල බවද ඔහු කියා සිටියා.ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ නොකරමින් ආණ්ඩුවේ නොහික්මුණු ගති පිළිබිඹු කරන බවද ඔහු ප්‍රකාශ කලා.පොලිසියේ පහර කෑමට ලක්ව සිසුන් රෝහල් ගත කල බවත් ආණ්ඩුවේ වරද ඔවුන් පිළිනොගනිමින් ඒ අය කටයුතු කරන බවද නජිත් ඉන්දික සදහන් කලා.මේ සියළු දේවල් සදහා වත්මන් රජය වගකිව යුතු බවද ඔහු කියා සිටියා.

පහත දැක්වෙන්නේ නජිත් ඉන්දික ප්‍රකාශ කරන ආකාරයට අග්‍රාමාත්‍ය කාර්‍යාලය විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයයි.

RW