යළි නාය යෑමේ අවධානමක්

0

නුවරඑළිය හග්ගල ප‍්‍රදේශයට අද (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමගම හග්ගල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක යලිත් නායයෑම් අවධානමකට ලක්ව තිබෙනවා.

වර්ෂාවත් සමග ගල් හා පස්කඳු කඩාවැටීමෙන් නුවරඑළිය වැලිමඩ මාර්ගයේ රථවාහන ගමනාගමනයට තරමක බාධා පැමිණ ඇති අතර මෙම ස්ථානයේ මීට ඉහත අවස්ථාකීපයකදී ම නායයෑම් සහ පස්කඳු කඩාවැටීම් ගණනාවක් ද සිදු වී තිබෙනවා.එම මාර්ගයේ වාහන ධාවනය කිරීමේ දී ඉතා සැළකිලිමත් ලෙස රිය ධාවනය කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )