මේ අයගේ කරුමේ

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමට යන බවට පසුගිය මාස වලදී විශේෂයෙන්ම වෙබ් මාධ්‍ය කරුණු උපුටා දක්වන්නට විය.එපමණක් නොව බොහෝ දේශපාලන පක්ෂද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පල කලා.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ,චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ මෛත්‍රිපාල සිරිසේන හරහා මෙය සිදුවන බවයි ඒ අය පෙන්වා දුන්නේ.මෛත්‍රිපාල සිරිසේන වටා පිරිසකුත් මහින්ද රාජපක්ෂ වටා ශ්‍රිලනිප පිරිසකුත් ඒකරාශිවීම හේතුකරගෙන මෙම බෙදීම සිදුවන බවට බොහෝ දෙනෙකු පෙන්වා දුන්නා.

ඒ අතර ශ්‍රිලනිප දෙකඩ කරන්නේ මහින්ද රාජපක්ෂ බවට පිරිසක් චෝදනා කරන විටදී එය කරන්නේ මෛත්‍රිපාල සිරිසේන බවට ඇතැමුන් චෝදනා කරමින් එකිනෙකා බෝල පාස් කිරීමක් සිදුකලා.මේ කතා තවමත් අවසන්වී නොමැත.

ශ්‍රිලනිප මේ දෙකඩ වීම සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි නම් දක්වන්නේ මෙවන් අදහසකී.

“අද මහින්ද සමග හිටපු අය වෙනම ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වෙනවා.ඒ වගේම චන්ද්‍රිකා එක්ක හිටපු අය තවත් ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වෙනවා.ඒ නිසාම තමා මේ පක්ෂය දෙකට කැඩෙන්න පටන් අරන් තියෙන්නේ.

මේ පරිස්සන් දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය.ඒකත් තාම පරිස්සන් දෙන්න හරියටම පටන් ගත්තේ නෑ.ඔය කර්මය පටන් ගත්තාම රට කාපු ඔය හැමෝටම පරිස්සන් දෙනවා. “