වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද

0

2015 වර්ෂයේ සිදුවන ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද (04) දිනයේදී සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.ඔහු ප්‍රකාශ කලේ , අග්නි දිග ආසියාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සේ දිස්වන මෙම ග්‍රහණයේ අවසන් කොටස නැගෙනහිර ක්‍ෂිතිජයෙන් සඳු උදාවන අවස්ථාවේ සිට ප.ව. 7.15 තෙක් ශ්‍රී ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සේ දිස්වන බවයි.

චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍ර ග්‍රහණයක් ලෙස හදුන්වනවා.මෙම චන්ද්‍රග්‍රහණය මෙරට වෙලාවෙන් පස්‌වරු 2.31 ට ආරම්භ වන බැවින් එය ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි වනුයේ ග්‍රහණයේ අවසානයට ආසන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක්‌ ලෙස බවත් නැගෙනහිර ක්‍ෂිතිජයෙන් චන්ද්‍රයා උදාවනවාත් සමග පස්‌වරු 6.38 පමණ සිට පස්‌වරු 7.15 දක්‌වා හොඳින් දැක ගත හැකි වනු ඇති බවත් චන්දන ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කලා.