මගේ නායකයා ප්‍රභාකරන් -උපදේශක මෝදි

0

තමාගේ නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් පවසයි.ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ සහය නැතිව ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදාගත නොහැකි බව පවසන ශ්‍රීධරන් යාපනය යනු වෙඩි බෙහෙත් තොගයක්‌ දල්වන වෙඩි නූල බවත් එය පිපිරීමට ලක්‌ වුවොත් දෙදරීමකට ලක්‌වන බවත් සඳහන් කර තිබේ. ප්‍රභාකරන් මගේ නායකයා වුවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මගේ දේශපාලන උපදේශක යෑයිද ශ්‍රීධරන් එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

 a39c52e4a99b2451b5ff083da541da79_L