රාජිත කියන්නේ පොරක් නෙමෙයි

0

රාජිත සේනාරත්න අමාත්‍යරයා හතර බීති කාතාවන් කියමින් සිටින බව පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට ගෙන ඒමේ ක්‍රියාවලිය තුළ එක්සත් ජාතික පක්ෂය සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ,රාජිත සේනාරත්න ඊයේ ප්‍රකාශ කලා.මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී රංජන් රාමනායක මේ බව සදහන් කලා.

“ඇත්තටම රාජිත මැතිතුමා මේ කියන කතාව හරිම කණගාටුදායකයි.මහින්ද මැතිතුමාව එළවන්න පූර්ණ කාලිනව කටයුතු කලේ එක්සත් ජාතික පක්ෂය.90% එජාප මන්ත්‍රිවරු මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න කටයුතු කලා.

රටේ ජනතාවගේ ජිවීත බේරගන්න කටයුතු කලේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.එතුමාවත් මේ දේවල් කියන්නේ නැතුව වෙන වෙන අය කියන එක ගැන කණගාටු වෙනවා.මේ නාට්‍යයේ හිටියේ ප්‍රධාන නළුවන් දෙන්නෙක් විතරයි.එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ .අනිත් කෙනා මෛත්‍රිපාල සිරිසේන.රනිල් මහත්තයා ජනාධිපතිවරණයට තරග කරන්න හිටියත් ඒක ශ්‍රිලනිප මෛත්‍රිපාල සිරිසේනට ලබා දුන්නා.

රාජිත මැතිතුමා ,පාඨලි මැතිතුමාලා කලේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිනවන්න කතා කරපු එක විතරයි.කියෙව්වා කියලා මෛත්‍රිපාල මහත්තයාව දිනවන්න බෑ.ඊට වඩා වැඩ කලා සෝභිත හාමුදුරුවෝ ,චන්ද්‍රිකා මැතිණිය.මම දන්නේ නෑ මේ ටික දවසක ඉදලා රාජිත මහත්තයාට මොකද වෙලා තියෙන්නේ කියලා.පුදුම කතාවක්න්නේ මේක.

අද වෙන තුරු කිසිම දවසක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එජාපයේ හිත් රිදෙන ආකාරයට වචනයක්වත් කියලා නෑ .එතුමා කල ගුණ සලකනවා.ඒත් රාජිත මොනවද මේ කරන්නේ ?