තුන් කට්ටුව එකම වේදිකාවක ?

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සදහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක ,මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටද ආරාධනා කිරීමට ශ්‍රිලනිප මැයි දින කමිටුව තීරණය කර තිබෙනවා.

ශ්‍රිලනිප මැයි දින රැලිය මැයි පළමුවනදා පස්වරු 01 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.මේ අතර මහින්ද රාජපක්ෂ ශ‍්‍රිලනිප මැයි රැළියේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර උපදෙස් ලබාදී ඇත්තේ ,ශ්‍රිලනිප වැනි යෝධ පක්ෂයක මැයි දින රැලියක් හයිඞ් පිටිය වැනි කුඩා පිටියක තැබීම පක්ෂයට කරන අවනම්බුවක් බවයි.