මහින්ද දුන්නේ බංකොලොත් රටක්

0

අවුරුදු 09ක කලයක පටන් අත්තනගල්ලේ පැවති දුෂණය නිමවා අද යහපත් කාලයක් අත්තනගල්ලටත් උදාවී ඇති බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි.අද (04) අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

පසුගිය කාල වකවානුව තුළදී අත්තනගල්ල සහ ගම්පහ යන ප්‍රදේශ දෙකේදීම රඹුටන් විකුණන වෙළෙන්දාගෙන් පවා කප්පම් ලබා ගත් බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් අවධාරණය කලේ ,ඒ කප්පම් යුගය අද නිමාවට පත්ව ඇති බවයි.පසුගිය රජය හරහා ලැබුණේ බංකොලොත්වූ රටක් බවත් අර්ධ වශයෙන් නිමාකල ව්‍යාපෘති රැසක්ද පවතින බව හිටපු ජනාධිපතිණිය පෙන්වා දුන්නා.

මහා මාර්ග සකස් කිරීමේදී කොන්ත්‍රාත්කරුවන් සදහා පසුගිය රජය කෝටි දස දහසක ණයක් ඇති බවත් රටද කෝටි දස දහසකට ණය කර ඇති බවද ඇය සදහන් කලා .

පසුගිය අවුරුදු සමය තුළදී පුළුවන් තරම් කලා බල්ලෝ අරගෙන ,ගෙවල් හදාගෙන රට බංකොළොත් කර ඇති බවද ඇය කියා සිටියා.මේ සියල්ල යථා තත්වයට පත් කිරීම සදහා යම් කාලයක් ගත වන බවත් එතකන් සියළු දෙනාට කටපියාගෙන සිටින ලෙසට තමන් දැනුම්දෙන බවද ඇය කියා සිටියා.

ජාතික ආරක්ෂාව අනතුරේ බවට මහින්ද රාජපක්ෂ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විමසීමක් කල අතර එහිදී ඇය පිස්සු යනුවෙන් ඒ සදහා පිළිතුරුද ලබා දුන්නා.